April 20, 2024

පෙදරේරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 02ක් අත්අඩංගුවට

December 08, 2021

අක්මිමන තල්ගම්පල ජනාධිවත්ත ප්‍රදේශයේදි පෙදරේරුවෙකු කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ද සැකකරුවන් දෙදෙනා ඝාතනය සදහා යොදගනු ලැබු මන්නාපිහිය සමග ඊයේ (07) රාත්‍රි අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මිමන තල්ගම්පල ජනාධිවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හා 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. මින් එක් සැකකරුවෙකු විවාහකයෙකු වන අතර අනික් සැකකරු අවිවාහකයෙකික්. නිවසකට එල්ල කළ ගල් ප්‍රහාරයක් දුර දිගයාමෙන් මෙම ඝාතනය වි ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා. මෙකි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා බිමත්ව පැමිණ ඝාතනයට ලක්වු පුද්ගලයා සිටි නිවසේ වහලය මතට ගල් ප්‍රහාර එල්ලකොට ඇති බැව් පොලිසිය පවසයි. ඝාතනයට ලක්වු පෙදරේරුවා තිදරු පියෙකු වන අතර ඔහු දැනට වසර 04ක පමණ සිට බිරිදගෙන් වෙන්වි වෙනම නිවසක පදිංචිව සිට තිබෙනවා.

නිවසට ගල්ගසනු ලැබුවේ අසල්වැසි නිවසක අයෙකු යැයි සිතා ඝාතනයට ලක්වු පෙදරේරුවා විසින්  ඔහුගේ නිවසටද ගල්ගසා තිබෙනවා. පසුව මේ පිළිබද එම නිවෙස්හිමියා විසින් 119 ඔස්සේ පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට දැනුම් දි තිබෙනවා. අක්මිමන පොලිස් නිලධාරින් සිද්ධිය වු ස්ථානයට පැමිණ ගැටුම සමථයකට පත්කොට තිබෙනවා. නිවසට ගල්ගසනු ලැබුවේ සැකකරුවන් දෙදෙනා බව ඝාතනයට ලක්වු පෙදරේරුවා පසුව දැනගෙන ඇත.

ඔහු නිවසේ සිට අළුයම 1.00ට පමණ නිවසෙන් පිටත්ව ගොස් තිබෙනවා. එහිදි මගරැක සිටි සැකකරුවන් දෙදෙනා  උඹ අපි ගල් ගැසුවා කියා පොලිසියට කිවා නේද කියා මොහු සමග ගැටුම් ඇති කරගෙන තිබෙනවා. මාළු කපන මන්නා පිහියකින් සැකකරුගේ ගෙලට හා අත්වලට පහරදි ඝාතනය කොට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ අක්මිමන ජනාධිවත්ත තල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මුරුක්කුආදුරගේ සුරේෂ් විජිත කුමාර (41) නැමති  පෙදරේරුවෙක්. ඝාතනයට ලක්වු පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (08) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතයි.

ඝාතනයට සම්බන්ද සැකකරුවන් දෙදෙනා හෙට (09) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

තවත් ඛේදවාචකයක් : පෙදරේරුවකු කපා කොටා ඝාතනය කරලා

 

Rate this item
(0 votes)