May 02, 2024

පරන්තන් පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ හමු වෙයි (PHOTOS)

December 07, 2021

කිලිනොච්චිය, පරන්තන්, උමයාල්පුරම්හි අබිලි යකඩ එක්ලැස් කරන නිවසකදී මෝටාර් උණ්ඩයක් කොටස් කිරීමේදී පිපිරීමක් සිදු වූ නිවස සහ අවට අද (07) සිදු කළ සෝදිසියකදී පුපුරා නොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනු ලැබුවා.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාල නිවස පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කිරීමේදී මෙම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගය සමග තවත් හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්ද හමුවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

පසුගිය 05 වැනිදා එම නිවසේ අබිලි යකඩ සඳහා මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් කොටස් කරමින් සිටියදී එය පිපිරී 25 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර 13 හැවිරිදි දරුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

අදාල නිවස සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය පවසා සිටියේ හමුවූ සියලු මෝටාර් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය අධික ලෙස දිරාපත්ව දැඩි අවධානම් මට්ටමක පැවති බවයි.

මියගිය තරුණයා ජීවිත අවදානම නොතකා මෝටාර් උණ්ඩ කැබලි කිරීමට උත්සහ ගෙන ඇති බවත් එහිදී පුපුරා ගොස් ඇති බවද පොලිසිය පැවසුවා.

මේ අතර මෙලෙස බෝම්බ විශාල ප්‍රමාණයක් එක් රැස් කොට ලඟතබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් අරඹා ඇති බවටත් මේ වන විට බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින බාල සොහොයුරාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත් බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

නිවසේ සඟවා තිබියදී හමුවූබෝම්බ සහ  පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීමටදි පියවර ගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 December 2021 19:07