April 19, 2024

දෙනියායේ පාසලකත් ගෑස් කාන්දුවක් (VIDEO)

December 07, 2021

දෙනියාය, බෙවර්ලිය ප්‍රදේශයේ පාසලක, ගුරු නිල නිවාසයක් තුළ ගෑස් සිලින්ඩර දෙකක සිදුවු ගෑස් කාන්දුවකින් ගින්නක් හටගෙන තිබෙනවා.

අද (07) උදෑසන 10.30ට පමණ එලෙස ගින්න හට ගෙන ඇතැයි දෙනියාය පොලීසිය පවසන්නේ.

වතුර උණු කිරීම සඳහා ළිප දල්වා නිල නිවාසයේ කාමරය තුළට ගිය අවස්ථාවේ දී ගින්න හට ගත් බව ගුරුවරියක් සඳහන් කර තිබෙනවා.

පසුව ඇයගේ දැනුම්දීම මත මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්න හටගත් ස්ථානයේ කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩර දෙකක් තිබී ඇතැයි අනාවරණය වී ඇත්තේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Rate this item
(0 votes)