May 02, 2024

සජබ මන්ත්‍රීවරු අදත් මැතිසබය වර්ජනය කරයි

December 07, 2021

පාර්ලිමේන්තු රැස්වීම අද තෙවැනි දිනයටත් වර්ජනය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

තම මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් හිරිහැර සිදු වන බවටත් මැතිසබයේ භාෂණයේ නිදහස අහිමි කර ඇති බවටත් චෝදනා කරමින් එම මන්ත්‍රීවරු ඊයේ සහ පසුගිය සෙනසුරාදා දිනවලද මැතිසබය වර්ජනය කළා.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ඊයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වුවා.

Rate this item
(0 votes)