May 05, 2024

රාජා කොල්ලුරේ කොවිඩ් වෛරසයට බිළි වෙයි Featured

December 07, 2021

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලැබූ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (07) අළුයම් කාලයේ ඔහු අභාවප්‍රාප්ත වූ බව යි වාර්තා වන්නේ.

කොල්ලුරේ මහතා මෙරට කෘතහස්ත ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වනවා.

මියයන විට ඔහු වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දරනු ලැබුවා.

රාජා කොල්ලුරේ මහතා දේශපාලනයට පිවිසියේ ලංකා සම සමාජ පක්ෂයෙන්.

අභාවප්‍රාප්තවන විට ඔහු පසු වූයේ 83 වැනි වියේ යි.

රාජා කොල්ලුරේ මහතා පසුගිය දිනවල ආන්දෝලනයකට තුඩු දුන්නේ ගුරු වැඩ වර්ජනය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ හේතුවෙන්.

කොල්ලුරේ මහතාගේ බිරිඳ ද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ලද්දේ මීට දින කිහිපයකට පෙර යි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 December 2021 08:32