April 28, 2024

හිතේ ගින්දර දැක සජිත් පත්තු වෙයි!

December 27, 2021

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් බවත්, අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බව ද ඔහු කියා සිටියා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ අද (27) අම්බලන්තොට නගරයේ පැවැති ජන‍ හමුවට එක්වෙමිනි.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකවරයා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ " පවුල් පාලනය රටේ විනාශය" කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නා.

මහ බැංකු අධිපතිවරයා ඩොලර් මාෆියාවේ කප්පිත්තෙකු බව පැවසූ විපක්ෂ නායකවරයා ඔහු මේ රටේ සියලු පුරවැසියන් සමගත්, අපනයනකරුවන් සමගත් සෙල්ලම් කරමින් සිටින බව කියා සිටියා.

රටේ ආර්ථිකය විනාශ කරන්නට මුලපිරූ පුද්ගලයකු ඉල්ලා අස් වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා පොහොට්ටු ආර්ථික විනාශයේ මහ මොළකරු ඔහු බවද පැවසුවා.

කෙසේ වෙතත් මේ රටේ ආර්ථිකය විනාශ කිරීමේ කිරීමේ වරදෙහි වග උත්තරකාරකමෙන් ඔවුන්ට නිදහස් වී යාමට නොහැකි බව පැවසූ ඒ මහතා, මේ රටට මෙතරම් සාපයක් ගෙනආ මැති ඇමතිවරුන්ට ජනතාව අතරට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)