May 14, 2024

ගෑස් පිපිරීමකින් කොත්තු කඩයක් විනාශයි

December 05, 2021

අනුරාධපුර, කුරුන්දන්කුලම ප්‍රදේශයේ පිහිටි ආහාර වෙළඳසැලක් ඊයේ (04) ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

වෙළඳසල් හිමිකරුවන් පවසන්නේ ගෑස් පිපිරීමක් හේතුවෙන් මෙය සිදුවූ බව යි.

විශාල ශබ්දයක් සමග ගිනි ජාලාවක් මතු වූ බවත්, ඉන් පසු වෙළඳසැලට ගිනි ඇවිලුණු බවත් ඔවුන් පවසනවා.

වෙළඳසල් හිමි කාන්තාව සිද්ධිය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

“එක පාරට ඩෝං ගාලා සද්දයක් ආවා. ඊට පස්සේ ගිනි ජාලවක් එක්ක ගිනි ගත්තා. සද්දෙත් එක්කම ගින්දර එකටම පත්තු වුණා. මමයි දුවයි හිටියේ. එක අයියා කෙනෙක් ඇවිල්ලා තමයි කෙක්කක් දාලා ගෑස් එක ඇදලා අරන් බටේ කැපුවේ”

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාළ සිදුවී නොමැති අතර සිද්ධියෙන් අදාළ වෙළඳ සැලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 December 2021 13:24