May 06, 2024

පාකිස්තානයේ සිටින ලාංකිකයන්ගේ මර බිය නැති කිරිමට පියවර ගන්න: ඇමති කථානායකගෙන් ඉල්ලයි (VIDEO)

December 04, 2021

පාකිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වන්නැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ පාකිස්ථානයේ කර්මාන්ත ශාලාවක කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අද (4) පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින්.

පාකිස්තාන කතානායක

පාකිස්තාන කතානායකවරයාට කතා කොට මේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානය පාර්ලිමේන්තුවේද අවධානය යොමු කරන ලෙස එහිදී අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ හරහා පාකිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

දේශ සීමා නැති අන්තවාදීන්

මෙම ඝාතනය සිදු කළ පිරිස දේශ සීමා නොමැති අන්තවාදීන් ලෙසයි එහිදී ගුණවර්ධන අමාත්‍යවරයා හඳුන්වා දුන්නේ.

එම ඝාතනය හරහා පාකිස්තානය සමඟ දිගු කලක් පුරා පැවත එන සබඳතා බිඳ දමා නොගැනීමේ වැදගත්කමද කරුණු සහිතව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 December 2021 20:37

Related items