May 03, 2024

යාපනයේ ජනතාව භීතියෙන් - දවස් 6ට සිරුරු 6ක් ගොඩ ගහලා (PHOTOS) Featured

December 03, 2021

යාපනය මරදන්කේනි පොලිස් වසමට අයත් වඩමාරච්චි මුහුදු වෙරලේ ස්ථාන දෙකකට ඊයේ (02) සවස වන විට තවත් මළ සිරුරු දෙකක් ගොඩගැසීම හේතුවෙන් යාපනයේ ධීවර ජනතාව තුල බියක් ඇතිව තිබෙනවා.

යාපනය වඩමරච්චි සක්කෝට්ටෙයි වෙරලට පළමු මළසිරුර ගොඩ ගසා තිබියදී ධීවරයින් පිරිසක් දැක ඇති අතර පසුව වඩමාරච්චි නැගෙනහිර චුණ්ඩිකුලම් මුහුදු වෙරලටද මළසිරුරක් ගොඩ ගසා තිබියදී ධීවරයින් දැක ඒ පිළිබඳව මරඳන්කේනි පොලීසියයට දැනුම් දී තිබුණා.

අනතුරුව එම ස්ථානයන් වෙතට ගිය පොලිස් නිලධාරීන් විසින් මළසිරුරු පරික්ෂා කොට බැලීමේදී මළ සිරුරු හඳුනාගත නොහැකි අයුරින් නරක් වී තිබුණු අතරම මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා යොමු කොට ඇතැයිද පොලීසිය පැවසුවා.

මේ අනුව පසුගිය නොවැම්බර් 30 වනදා වඩමාරච්චි මරඳන්කේනි මුහුදු වෙරලට එක් මළ සිරුරක්, 28 වනදා ඩෙල්ෆ් මුහුදු වෙරලට එක් මළසිරුරක් සහ 27 වනදා යාපනය වැල්වැටිතුරෙයි මනල්කාඩු මුහුදු තීරයට මළ සිරුරු දෙකක් වශයෙන් ගොඩ ගසා තිබියදී ධීවරයින්ගේ සහයෙන් පොලීසිය සොයාගනු ලැබුවා.

මුහුදු වෙරල වෙතට ගොඩගසා තිබූ සියලු මළ සිරුරු හඳුනා ගැනීමට නොහැකකි අයුරින් නරකව තිබීම හඳුනාගැනීමට අහසු වී ඇති අතරම සියලු මළ සිරුරු සියල්ලක්ම මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණයන් වෙතට යොමුකොට ඇතැයිද පොලීසිය පවසයි.

මේ අතර මෙලෙස දිනෙන් දින යාපනයේ මුහුදු වෙරලේ ස්ථාන කිහිපයකට මළ සිරුරු ගොඩගැසීම පිළිබඳව ධීවර ජනතාව තුල මේ වන විට බියක් ඇතිව තිබෙන් අතරම අදාල සිදුවීම පිළිබඳව පුලුල් පරික්ෂණයක් සිදුකොට තොරතුරු හලකරන ලෙසද ධීවර ජනතාව පොලීසියෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අදාල මළ සිරුරු සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීමේදී උතුරු පලාතේ මුහුදු ගිය ධීවරයින් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ පැමිණිල්ලක් නොමැති හෙයින් යම් හෙයකින් උතුරු මුහුදට ඇතුල් වීමට උත්සහ කරන ලද අනවසර සංක්‍රමණිකයින්ගේ බෝට්ටුවක් පෙරලී එහි පැමිණි පිරිස් මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව සිරුරු ගොඩගසන්නේදැයි යන්න පිළිබඳව සෙවීම සඳහා නාවික හමුදාවද දැනුවත් කොට ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)