May 08, 2024

ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් (PHOTOS) Featured

December 03, 2021

ගෑස් අර්බුදය සහ පැය කිහිපයක් විදුලි බලය ඇණ හිටිම නිසා පාරිභෝගිකයන් හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට අද (03) දින දිගු පෝලිම් වල රැදි සිටින අයුරු දක්නට ලැබුණා.

විදුලිය නොමැති නිසා ඇතැම් වෙලදසැල්වල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබු අතර, විදුලි බලය නොමැති විමෙන් වෙලදුන් මෙන්ම පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටියා.

ඉන්ධන පිරවුම්හල් වලින් පාරිභෝගිකයෙකුට භුමිතෙල් ලිටර් පහක් පමණක් ලබා දිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබුණා.

හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක භුමිතෙල් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් වුණා.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)