May 17, 2024

පොලිස් සිර කූඩුවේ සිටි අයෙක් උදේ මිය යයි - හේතුව අභිරහසක්

December 03, 2021

නිති විරෝධි මත්පැන් ළග තබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු අක්මිමන පොලිසියේ සිරමැදිරිය තුලදි අද (03) උදෑසන හදිසියේ මියගොස් ඇති බැව් අක්මිමන පොලිසිය පවසනවා.

මොහු නිති විරෝධි මත්පැන් ළග තබා ගැනිම සම්බන්ධයෙන් ඊයේ (02) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි වියේ පසුවන අක්මිමන තල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු සිරමැදිරිය තුල සිට ඇති අතර අද උදෑසනද මොහු කථා බස්කොට තිබෙනවා. පසුව සිරමැදිරිය තුලදි මොහු වැටි සිට ඇති අතර  පොලිස් නිලධාරින් විසින් පරික්ෂා කිරිමේ දි මොහු මියගොස් සිටි බව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයාගේ මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා. අක්මිමන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)