May 19, 2024

මහවිරු සුසාන භූමියක කොටසක් කඩා දාලා (PHOTOS)

November 21, 2021

මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආට්කට්ටිවේලි මහවිරු සුසාන භූමියක ඉදිකොට තිබූ ප්‍රධාන පහන්සිලුව කඩා විනාශ කොට ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

කිසියම් පිරිසක් විසින් වාර්ෂිකව පවත්වන මහවිරු සැමරුම් උත්සවයේදී පළමුව පහන් දල්වන ප්‍රධාන පහන් සිලුව මෙලෙස කිසියම් පිරිසක් විසින් පහර දී කඩා විනාශ කොට තිබෙනවා. 

දමිළ මහවිරු සංවිධාන කමිටු සාමාජිකයින් විසින් මෙම ක්‍රියාව කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෙයින් දැඩිලෙස හෙලා දකින බවටද පවසා සිටිනවා.

එමෙන්ම මෙලෙස දෙමළ ජනතාවගේ සැමරුම් අයිතීන් විනාශ කරමින් දෙමළ ජනතාව පීඩාවන්ට පත්කරන පාර්ශවයන් වහාම සොයා ඔවුන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසිටද මන්නාරම් වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)