May 18, 2024

දිස්ත්‍රික්ක 07ක කොවිඩ් ඉහළට Featured

November 21, 2021

මේ වනවිට කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව දිස්ත්‍රික්ක හතක් තුළ 15%ත් 20%ත් සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කෝවිඩ් සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කරන තිබෙනවා.

යාපනය, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, අම්පාර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුළ මෙම වර්ධනය පෙන්නුම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අතර කුඩා දරුවන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින බවද ඒ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් සංකූලතා සහිත රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩුවී ඇති බවත් එයට හේතුව එන්නත්කරණය බවත් ඒ මහතා පැවසුවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එන්නත්කරණය යනු විනෝද චාරිකා යාම සඳහා ලබාදුන් සහතිකයක් නොවන බවයි.

ඒ නිසා වහාම දැන්වත් අනවශ්‍ය ගමන් බිමන් නවතා දමන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)