April 30, 2024

මුදල් අමාත්‍යාංශයට හොරෙන් කළ වැඩක් කෝපා කමිටුවේදී හෙළිවෙයි

November 30, 2021

මහා භාණ්ඩාගාරය දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4 ක් සඳහා සෘජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

2017, 2018 සහ 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශ නිලධාරින් කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේ එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

මෙහිදී අමෙරිකානු ඩොලර් මිලියන 9.96ක් වටිනා ව්‍යාපෘති 3 ක් සහ යූරෝ මිලියන 1.86ක් වටිනා ව්‍යාපෘතියක් මෙලෙස සෘජු විදේශ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙවැනි ආධාර ලැබීම සහ වියදම් කිරීම පිළිබඳව මහා භාණ්ඩාගාරය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 23:37

Related items