May 06, 2024

සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක අගමැතිගේ නම එලියට : වෙන්න අගමැතිත් කිසිවක් නොකියාම වාඩි වෙයි

November 18, 2021

සජිත් ප්‍රේමදාස රජයක් යටතේ අග්‍රාමාත්‍ය ධූරය හිමි වන පුද්ගලයා පිළිබඳ ඉඟියක් පාර්ලිමේන්තුවේ දී පළ වුණා.

සමගි ජන බලවේගය ඉකුත් 16 වැනිදා පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය කළ බාධා කිරීම් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු සභා ගැබ තුළ කළ විරෝධතාවය අතරතුරයි එම නම එළියට ආවේ.

මහ ලේකම්ගේ කතාව

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ තුළ එම විරෝධතාවය පැවැත්වූයේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ කතාව අතරතුර.

සමගි ජන බලවේගය මහ ලේකම්වරයා වන ඔහු තමාට අය - වැය ගැන කතා කිරීමට තමාට විනාඩි 15ක කාලයක් තිබෙන බව පවසමින් විරෝධතාවයට පොලිසිය දැක්වූ ප්‍රතිචාරය විවේචනය කරන්නට පටන් ගත්තා.

ඒ අතරතුර සමගි ජන බලවේග සෙසු මන්ත්‍රීවරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් සිය විරෝධය දැක්වූවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය

රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ කතාව අවසාන වන විට ආණ්ඩු පාර්ශවයෙන් සඳහන් කළේ "වෙන්න අගමැති" වාඩිවෙන්න කියලයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙන්න අගමැති ලෙස හැඳින්වූයේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාවයි.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිය කතාව අවසන් කොට අසුන් ගත්තා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 November 2021 00:15