සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අද(17) පාර්ලිමේන්තු සභා ගර්භය තුලදී විරෝධයක නිරත වුණා.
ඒ සමගි ජනබලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මැතිසබය අමතමින් සිටින අවස්ථාවේ සමගි ජනබලවේගයේ අනෙක් මන්ත්‍රීරුන් විරෝධතා පුවරු රැගෙන විරෝධයේ නිරත වුණා.
"බයයි බයයි ගෝඨා බයයි" කියමින් මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ විරෝධය පළ කළා. ඔවුන් ප්‍රකාශ කළේ ඊයේ සමගි ජනබලවේගය විසින් පැවැත්වී උද්ඝෝෂණය වැලැක්වීමට පොලීසිය විසින් කටයුතු කළ බවයි.
"ලැජ්ජයි සරත් ලැජ්ජයි...ජංගි සරා අපිට බයයි" යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සජබ මන්ත්‍රීවරු විරෝධයේ නිරත වුණා.