May 03, 2024

සජබ උද්ඝෝෂණයට ආ තරුණයෙකු පොලීසියේ පහරදීමෙන් මරුට - ජනතාව කුපිත වී පොලීසිය වට කරලා (VIDEO)

November 17, 2021

ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී පොලීසියේ පහරදීම හේතුවෙන් තරුණයෙකු පොලීසිය තුළ මියගොස් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද(17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඉන්දික ජයරත්න නැමැති තරුණයාගේ මළ සිරුර මේවන විට පොලීසිය තුළ තිබෙන බවත් එම සිද්ධිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව පොලීසිය වට කරගෙන රැස්ව සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එම තරුණයා ඊයේ පැවැති සමගි ජනබලවේගයේ උද්ඝෝෂණයට එම තරුණයා සහභාගී ඇති බවත් කී මන්ත්‍රීවරයා මේවන විට දාහක් දෙදාහක් පමණ ජනතාවත් පොලීසිය අවට රැස්ව ඇති බවත් කියා සිටියා.

එම ප්‍රශ්න මඟ හැර ඇමති සරත් වීරසේකර මහතා පැන ගිය බවත් කඩිනමින් පරීක්ෂණයක් සිදු කර සාධාරණයක් ඉටු කරන්නැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 November 2021 14:59