May 03, 2024

සජබ විරෝධතාව ගාලු මුවදොරින් නවතී - ස්ථාන කිහිපයකදී පොලීසිය සහ ආධාරකරුවන් අතර උණුසුමක්

November 16, 2021

ජීවන වියදම ඉහළ යාම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගෙන සමගි ජන බලවේගය සංවිධානය කල විරෝධතා පාගමන අද කොළඹදී පැවැත්වුනා.

ඒ එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රධාන විරෝධතා පාගමනට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක ද ඔවුන් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

මීට පෙර විරෝධතා රැලිය හයිඩ්පිටියේ දි පැවැත්වෙන බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළ අතර එවැනි තත්ත්වයක් තුල පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ කොළඹදී විරෝධතාව පැවැත්වීම වලක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී ඇතැම් අධිකරණ විරෝධතා වළක්වමින් ද කොළඹ අංක 5 මහේස්ත්‍රාක් අධිකරණය ඇතුළු තවත් අධිකරණ කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම විරෝධතාවය පැවැත්වීමට අවසර ලබාදෙමින් ද නියෝගයන් නිකුත් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණිල්ලක් මත අදාළ විරෝධතාවය පාලනය කරන ලෙසට සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දුන් බවයි.

මේ අතර, විවිධ ප්‍රදේශ වල සිට බස් රථ වලට විරෝධතාකරුවන් නංවාගෙන ඒමේදී සංවිධායකයන් විසින් ඔවුන්ට උපදෙස් ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් වන වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, කුරුණෑගල, හල්දුම්මුල්ල, තිස්සමහාරාමය, බදුල්ල සහ මහනුවර ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට විරෝධතාකරුවන් රැගත් බස් රථ කොළඹට පැමිණෙන අතරතුර පොලිස් මාර්ග බාධක වලදී ඒවා පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්වයන් හටගත්තා.

කෙසේ වෙතත්, කොළඹ සර් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය අසලින් අද පස්වරු 2ට පමණ ආරම්භ කල සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන පිත්තල මංසන්ධිය, කොල්ලුපිටිය හරහා ගාලු මුවදොර ආසන්නයට ළගා වුණා. එහිදී රථ වාහන තදබදයක් ද හටගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතා පාගමන කොළඹ ගාලු මුවදොර ආසන්නයට පැමිණීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් පළ කරමින් කියා සිටියේ රට තුල මේ වනවිට පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති බවයි.

Rate this item
(0 votes)