May 02, 2024

"නූපන් දරුවන්ගෙන් පවා බැනුම් අහන්න සිදුවේවි" - අනාගතය ගැන දුමින්ද දැන්ම කියයි (VIDEO)

November 16, 2021

මුදල් ඇමතිවරයා නිහතමානිව අඩුපාඩු , අමාරුකම් සියල්ල පිළිගත් බව සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කලේ අද අයවැය විවාදයට එක්වෙමින්.

රටක් ඉදිරියට ගෙන යාමට නම් ඉන්න තත්වයේ සිට මේ ගමන ආරම්භ කළ යුතු බවද පෙන්වා දෙනවා.

මෙවර අයවැය තුලින් සෑම ක්ෂේස්ත්‍රයක්ම ආමන්ත්‍රණය කර ඇති බවත් අනාගත දැක්මක් සමඟ ඉදිරියට යාම සතුටු විය හැකි කරුණක් බවද සඳහන් කරනවා.

"රටේ ජනතාවගෙන් මෙන්ම විපක්ෂයෙන් ද ඉල්ලන්නේ දෙගොල්ලොම එකතු වෙලා මෙය නැගිට්ටවන ක්‍රමයක් හැදුවේ නැතිනම් අනාගතයේ කවුරු ආණ්ඩු ගත්තත් මේ රටේ ජනතාවට සාධාරණයක් කරන්න බැරි වෙයි. මේ රට මෙතනින් එහාට වැට්ටුවොත් , මෙතනින් එහාට වට්ටන්න උදව් කළොත් අපි හැමෝටම අනාගතේදී නූපන් දරුවන්ගෙන් පවා බැනුම් අහන්න සිදුවේවි අපි මේ කරන වැරදි වැඩේට."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 16:17

Related items