May 02, 2024

දුමින්දයි සීතයි අතර හොඳ අවබෝධයක්: තවත් නිර්මාණශීලී වැඩක්

දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා හා සීතා අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරිය අතර මීට ටික දිනකට පෙර සාකච්ඡාවක් තිබ්බා.

එහිදී දෙදෙනා නියෝජනය කරන අමාත්‍යාංශ අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් මෙන්ම සහ සම්බන්ධයකින් කටයුතු කිරීම සඳහා එකඟතා කිහිපයකට එළඹී තිබෙනවා.

එහිදී ගත් එක් තීරණයක් පිළිබඳ මීට පෙර ඒෂියන් මිරර් වාර්තා කළා.

මුලින් සූර්ය පැනල වැඩේ

ඒ අරඹෙපොල රාජ්‍ය අමාත්‍යවරිය යටතේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වල වහල මත සූර්ය පැනල ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවයි.

ඉන් පසුව දෙදෙනා දැන් තවත් වැඩකට අත තබා තිබෙනවා.

ඒ පුනර්ජනනිය බලශක්ති ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කර ගනිමින් කෙටිකාලීන නව වෘත්තීය පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමයි.

සෝලා තාක්ෂණවේදීන්

සෝලා තාක්ෂණවේදීන් (SOLAR TECHNICIAN) බිහිකිරීම සඳහා තෝරාගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක මාසයක තරම් කෙටි කාලීන පුහුණුවකින් පසු අදාල පාඨමාලාවේ අධ්‍යයන කටයුතු නිමකර ඉන්පසු රජයේ පිළිගත් සහතිකයක් ලබා දීමයි.

ඉන් පසු මෙම පාඨමාලාව නිම කළ සිසුන්ට NVQ මට්ටමේ පාඨමාලා අඛණ්ඩව සිදු අඛණ්ඩ සිදුකර අවසානයේ උපාධියක් ලබා ගැනීම සඳහා මාර්ගයක් විවෘත කිරීමයි රාජ්‍ය ඇමති දෙපළගේ බලාපොරොත්තුව.

රැකියා අවස්ථා 10000

මෙම පාඨමාලාව හදුන්වා දීම හරහා තරුණයින් 10000 කට වැඩි සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දීමයි රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනාගේ ඉලක්කය වී තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාව දුමින්ද දිසානායක හා සීතා අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරු දෙපළගේ ප්‍රධානත්වයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරි ශ්‍රවණාගාරයේ පවත්වා තිබුනා.

Rate this item
(4 votes)
Last modified on Monday, 09 August 2021 14:28

Related items