May 02, 2024

කාටත් හොරා දුමින්දයි - සීතයි අලුත් වැඩකට අත තියලා

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ රාජ්‍ය අමාත්‍යවරියක වන සීතා අරඹේපොළ මහත්මිය අලුත් වැඩකට තබා තිබෙන්නේ.

දෙදෙනා මෙසේ එක් වී තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරිය යටතේ තිබෙන වෘත්තීය පුහුණු ආයතන වල සූර්ය කෝෂ ස්ථාපනය කිරිමේ වැඩ සටහනක් සඳහායි.

දෙදෙනා අතර හමුව

රාජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීම මත මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (6) දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ඇති සුනිත්‍ය බලශක්ති අධිකාරි පරිස්‍රයේ පවත්වා තිබෙනවා.

තෝරාගත් වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන කිහිපයක සූර්ය කෝෂ පද්ධති සහන ක්‍රමවේදයකට සවි කර දීමට එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට සූර්ය බල , සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කැමැත්ත පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පළමු පියවරෙන් පසු දෙවන පියවර

පළමු පියවරෙන් පසු දෙවන පියවර ලෙස තෝරා ගන්නා අනිකුත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහාද සූර්ය කෝෂ පද්ධති ස්ථාපිත කිරීම පිළිබඳවද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ හැරුණු කොට සිය අමාත්‍යාංශය මගින් ආරම්භ කිරිමට නියමිත සූර්ය කෝෂ සවි කිරීමේ ව්‍යාපෘති සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා අවසන් වන ආධුනිකයින් එක්කරගෙන ක්ෂේත්‍ර පුහුණුවක් ලබාදී අවසානයේ රැකියාවක් ලබා දීමටත් දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාවේදී එකඟතාවය පළ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 23:56

Related items