May 03, 2024

එස්.බී ට සිකුරා ලබයි: සීතා ලඟ අසුන ලැබෙයි

යම් කලකිරීමකින් සිටින එස්.බී.දිසානායක මන්ත්‍රීවරයාට සතුටු විය හැකි හේතුවක් ගැන දැනගන්නට තිබෙනවා.

ඒ ඔහුට නුදුරේම සීතා අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරිය ළඟම අසුන හිමිවීමට නියමිත බැවින්.

රාජ්‍ය ඇමතිගේ ඉල්ලා අස්වීම

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ වන විට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී සිටින්නේ.

දැන් ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරනවා.

කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටියේ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙන්වූ අවසාන අසුනේ.

මන්ත්‍රී අසුන් පෙළ

ඉන්පසුව ආරම්භ වන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අසුන්.

ඒ අනුව කබ්රාල් මහතාගේ අසුනට එක් පැත්තකින් අසුන්ගෙන සිටියේ සීතා අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරිය.

අනිත් පසින් අසුන්ගෙන සිටියේ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා.

කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමත් සමග එම අසුන මේ වනවිට මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාට හිමිව තිබෙන මුත් ඔහුට තව ටික දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතයි.

තානාපතිධුරයට පත් කිරීම

ඒ ඇමෙරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා.

ඒ අනුව අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරිය ලඟ අසුන හිමිවීමට නියමිතව තිබෙන්නේ මහින්ද සමරසිංහ මහතාට යාබද අසුනේ අසුන් ගෙන සිටින මන්ත්‍රීවරයාට.

එම අසුනේ මේ වන විට සිටින්නේ 70 වැනි වියේ පසුවෙන එස්.බී.දිසානායක මන්ත්‍රීවරයායි.

Rate this item
(5 votes)
Last modified on Saturday, 16 October 2021 13:52

Related items