May 12, 2024

තනි මන්ත්‍රීට 200ක ආරක්ෂාවක් කුමකටද? ආණ්ඩුවේ පසු පෙළ ප්‍රශ්න කරයි Featured

November 16, 2021

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්න තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන 200 ක ආරක්ෂක බල ඇණිය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වී තිබෙනවා.

ඒ ඉකුත් බදාදා (9) පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී.

පසු පෙළ මන්ත්‍රී ප්‍රශ්නය

එහිදී ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් මේ ගැන ප්‍රශ්න කර තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ සම්බන්ධයෙන් වහා සොයා බලන බවට එහිදී මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

යහ පාලන ඇමතිවරු

රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු කොට පසුගිය මහ මැතිවරණයේදී පරාජය වූ යහපාලන ආණ්ඩුවේ ඇමති ධුර දැරූ ඇමතිවරුන්ටද තවමත් ආරක්ෂකයින් ලබාදී ඇති බවත් එම රැස්වීමේදී හෙළිදරව් වී තිබෙනවා.

හිටපු ඇමතිවරුන්ට මේ ආකාරයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ ඇයි දැයි යන්නත් එහිදී ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 16 November 2021 06:57

Related items