May 03, 2024

මීළඟ ඡන්දය ජනමත විචාරණයක් : විජේදාසගෙන් ඉඟියක්

November 16, 2021

මීළඟ ජාතික මැතිවරණයේදී රට හමුවේ තැබෙන පාඨය පිළිබඳව ඉඟියක් අද (15) ජනාධිපති නීතිඥ , ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ලබා දුන්නා.

ඒ අය - වැය විවාදයට එක්වෙමින්.

පළමු මැතිවරණය

එහිදී මන්ත්‍රීවරයා සභාව අමතා ප්‍රකාශ කළේ මීළඟට පැවැත්වෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් ලෙස පැවැත්වෙන බවයි.

ඒ විදේශිකයන්ට විකුණා දමා තිබෙන රටේ සම්පත් යළි ලබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳ ජනමතවිචාරණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ වත්මන් තත්ත්වය

එය මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් වීමට හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඔහු ඒ බැව් සඳහන් කළේ රටේ සම්පත් විදේශිකයින්ට විකිණීම මෙන්ම රට බරපතළ ලෙස ණය කර තිබීම සම්බන්ධයෙන් විවේචනයක්ද කරමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 November 2021 12:41

Related items