May 01, 2024

මට ලක්ෂ 250ක සංග්‍රහ වියදමක් හිමියි: චීස් කතාවෙන් එළියට ආ රෝසිගේ අයිතිවාසිකම් කතාව

November 14, 2021

කොළඹ මහ නගර සභාවේ පුරපති හැටියට තමන්ට වාර්ෂිකව රුපියල් ලක්ෂ 250 ක සංග්‍රහ වියදම් වෙන්කොට ඇති බව පුරපතිනි රෝසි සේනානායක මහත්මිය හෙළිදරව් කරනවා.

ඒ මහ නගර සභාවේ අය වැයෙන් බවයි පුරපතිනිය පෙන්වා දෙන්නේ.

චීස් ප්‍රශ්නය ගිය දුර

සේනානායක මහත්මිය එම කරුණු හෙළිදරව් කළේ පොදුජන පෙරමුන නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා විසින් පුරපතිනියගේ නිල නිවසට මහජන මුදලින් චීස් ගෙනයාම සම්බන්ධයෙන් කළ හෙළිදරව්වක් මුල් කොට ගෙනයි.

ඒ කොළඹ මහ නගර සභාවේ පැවැති මන්ත්‍රී රැස්වීමේදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරපතිනිය සඳහන් කළේ මෙය තමාට මඩ ගැසීමේ උවමනාවෙන් කළ දෙයක් බවයි.

පුරපතිනියගේ චීස් දැනුම

සම්ප්‍රදානුකූලව ප්‍රජා නායකයින් , රාජ්‍ය තාන්ත්‍රික නායකයින් , තානාපතිවරුන් , මන්ත්‍රීවරුන් හමුවන්නේ පුරපති නිල නිවසේදී බව සඳහන් කළ පුරපතිනිය තමාද මේ චීස් පැකට් පහේ කතාව දැනගෙන සිටියේ නැති බවත් සභාවට දැනුම් දුන්නා.

තමා ඔයිට වඩා චීස් කා ඇති බව පුරපතිනිය එහිදී සඳහන් කළේ චීස් වර්ග රැසක නම්ද කියමින්.

තමා චීස් පැකට් 5 කට තමාගේ ආත්මය පාවා නොදෙන බවද පෙන්වා දෙන සේනානායක මහත්මිය පුරපති ධූරය සඳහා වෙන් කොට තිබෙන සංග්‍රහ දීමනාව පාවිච්චි කලේ කවුරුන්දැයි තමා නිලධාරීන්ගෙන් සොයා බලන බවද සඳහන් කළා.

මහ නගර සභාවේ හැම දෙපාර්තමේන්තුවක්ම මේ සංග්‍රහ දීමනාව පාවිච්චි කොට නිල නිවසේ රැස්වීමකට එන තානාපති වරයෙක් හෝ ප්‍රජා ලබාදෙන බිස්කට් එක හා චීස් එක ගැන මෙසේ කරුණු හෙළිදරව් කිරීම පිළිබඳව තමා අතිශයින් කණගාටු වන බවත් පුරපතිනිය සභාව හමුවේ ප්‍රකාශ කළා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 November 2021 15:32

Related items