April 26, 2024

මතභේදාත්මක ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට : ලොකුගේ පොරොන්දු වෙයි

November 10, 2021

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (10) පාර්ලිමේන්තුවට පොරොන්දුවක් වුණා.

මතභේදාත්මක ගිවිසුම

ඒ මතභේදයට තුඩු දී තිබෙන යුගදනවි බලාගාරයේ කොටස් 50% ක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට.

ලොකුගේ අමාත්‍යවරයා එසේ පොරොන්දු වූයේ එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කවදාදැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

කැබිනට් ඇමතිවරුන්ගේ චෝදනාව

එම ගිවිසුම විපක්ෂයේ මන්ත්‍රීවරුන් තබා ආණ්ඩු පක්ෂයේ කැබිනට් ඇමතිවරුන්වත් දැක නැති බවටයි මත පළ වන්නේ.

එම ගිවිසුම මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පවා ඉදිරිපත් නොකළ බව විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 November 2021 13:04