April 26, 2024

ඇමතිගේ රියදුරා ඝාතනය කළ ප්‍රධාන සැකකරු හසුවේ

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (22) පෙරවරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (21) රාත්‍රියේ 41 හැවිරිදි මෙම රියදුරා පිළියන්දල, මාවිත්තර, ගම්මානවත්ත ප්‍රදේශයේදී කිසියම් පිරිසක් මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

ඝාතනය ලක්වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ 24 හැවිරිදි ප්‍රධාන සැකකරු විසින් සිය යතුරුපැදිය අධික වේගයෙන් අනතුරුදායක ලෙස ධාවනය කර තිබෙනවා.

එලෙස සිදු නොකරන ලෙසට ඝාතනයට ලක්වූ පුද්ගලයා යතුරුපැදිකරුට සිදු කළ ප්‍රකාශයක් මෙම ඝාතනය හේතු වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඝාතනය සදහා අදාළ සැකකරු සමග ඔහුගේ පියා, වැඩිමහල් සොහොයුරා, මව මෙන්ම තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් මේ වන විට ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර එම සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි කැස්බෑව පොලීසිය සදහන් කළේ.

Rate this item
(0 votes)