May 11, 2024

අගමැතිත් අක්‍රීයයි: ඒ තීන්දුව හැර දැන් වෙන තීන්දුවක් ඉතිරිව නැහැ - ඇමති වාසුගෙන් රතු නිවේදනයක්

November 05, 2021

ඉතා නුදුරේදීම ආණ්ඩුවේ සිටින සන්ධානගත පක්ෂ 11ට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වනු ඇති බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා අනාවරණය කරනවා.

ආණ්ඩුව අනුගමනය කරන වැඩ පිළිවෙල තමන් සමග සිටින සහෝදර පක්ෂ වලට ගැලපෙන්නේ නැති බව ඊට හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

නොගැලපෙන ගමන් මගවල්

ආණ්ඩුව එක මාර්ගයකත් තමන් නියෝජනය කරන සහෝදර පක්ෂ 11 ඊට පරිබාහිරව ජාතිකවාදී වාමාංශික මාර්ගයක ගමන් කරන බව පෙන්වා දෙමින් මේ ගමන් මාර්ග දෙක නොගැළපෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු මේ වන වන විට ආණ්ඩුව විනාශ කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙනවා.

වෙනස් මත දැරීම යනු හතුරුකම් කිරීමක් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අගමැති අක්‍රීයයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුවත් ඔහු සක්‍රීය භූමිකාවක නැති බවත් ආණ්ඩුවේ සියලු තීරණ ගන්නේ ජනපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා බවද අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

ආණ්ඩුවෙන් යෑම සම්බන්ධයෙන් වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා එම අදහස් පළ කළේ යූටියුබ් චැනලයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(6 votes)
Last modified on Saturday, 06 November 2021 04:06