May 11, 2024

ගෑස් දීපාවලියටත් බලපායි (PHOTOS)

November 03, 2021

මිල වැඩි කිරීම් සිදු කළ ද වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට දින කිහිපයක් තිස්සේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් පවතිනවා. ඊයේ මෙන්ම අදත් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම දක්නට ලැබුණේ එවන් තත්ත්වයක්. මේ අතර ඇතැම් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝළිම් ද දක්නට ලැබුණා.

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට දින පහකට ආසන්න කාලයක් ගෑස් සමාගම් විසින් ගෘහස්ථ ගෑස් බෙදා හැරිම සිදු නොකර අද (03) දිනයේ ඉතා සිමිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ලබාදිම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වී ඇති බව හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටිනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් දින පහකට පසු අද (03) අලෙවි නියෝජිතයාගේ ඉල්ලුමෙන් 30% පමණ ප්‍රමාණයක් ගෑස් තොග ලබා දිම නිසා එම ප්‍රමාණය පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයන් තමන්ට අද ලබාදුන් ගෑස් තොග ප්‍රමාණවත් නොවිම නිසා අලෙවිසැල් වසා දමා ගෑස් නොමැති බවට සදහන් කර දැන්විමක්ද අලෙවිසැල් ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණා.

හෙට (04) දිනට යෙදෙන දිපාවලි උත්සව සමයේ ගෑස් නොමැති විමෙන් ප්‍රදේශයේ හින්දු ජනතාව මෙන්ම හැටන් නගරයේ ආපනශාලා හිමියන් දැඩි අසිරුතාවයට පත් වි සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 November 2021 21:16