May 12, 2024

වෙළෙඳපොලේ ගෑස් හිඟයක් : හේතුව සමාගම් කියයි

November 01, 2021

ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබෙන බව පාරිභෝගිකයින් පවසනවා.

ගෑස් වර්ග දෙකෙන් එකක්වත් මිලදී ගැනීමට නොහැකි බවයි ගෑස් පාරිභෝගිකයින් ප්‍රකාශ කර සිටින්නේ.

‘ලාෆ්’ ගෑස් සමාගමේ සභාපති ඩව්ලිව්. කේ. එච්. වෑගපිටිය ගෙන් මේ පිළිබඳව අද (01) පස්වරුවේ අදහස් දක්වමින් පවසා සිටියේ ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් ගෑස් හිඟයක් ඇති වී ඇති බවත් එසේ වුවද දෛනිකව ගෑස් ටොන් 300 ත් 400 ත් ප්‍රමාණයක් වෙළෙඳපොලට සපයන බවයි.

බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව පැවසූ ලාෆ්ස් සමාගමේ සභාපතිවරයා ණයවර ලිපියක් විවෘත කිරීමට බැංකුව පසුපසින් ගොස් බැගෑපත් වීමට සිදුව ඇති බව සඳහන් කර සිටියා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ එම සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් ‘ලාෆ්’ ගෑස් හිඟයත් සමඟ ලිට්‍රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා දින තුනක කාලයක් ගෘහස්ථ ගෑස් හිගයක් පැවතිම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආපනශාලා සහ බේකරි නිෂ්පාදන වෙලදසැල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෑස් අලෙවි නියෝජිතයන් ගෑස් තොග නොමැති විම හේතුවෙන් එම අලෙවිසැල් වසා දමා ඇති ආකාරයක් අප කැමරාවේ සටහන් වුණා.

ගෑස් භාවිතයෙන් ආපන ශාලා සහ බේකරි නිෂ්පාදන සිදු කරන වෙලදුන් අවධාරණය කර සිටින්නේ හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන දිපාවලි උත්සවය මේ මස (04) දිනට යෙදෙන බවත්, පවත්නා ගෑස් හිගය හමුවේ හින්දු ජනතාවට දිපාවලි උත්සවය සැමරිමට නොහැකි වන සේම තම වෙලදසැල් ද වසා දැමිමට සිදු වන බවයි.

ගෑස් අලෙවි නියෝජිතයන්ගෙන් අප කල විමසුමකට ඔවුන් කියා සිටියේ ගෑස් තොග ඇණවුම් කලද තම සමාගම විසින් ගෘහස්ථ ගෑස් නොමැති බව පැවසිම නිසා තම වෙලදසැල් වසා දැමිමට පියවර ගත් බවයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 01 November 2021 20:50