May 12, 2024

දැන් සිදුවන්නේ සිදු නොවිය යුතු දේවල්: මහජන සභාව අරඹමින් වාසු කියයි

පොදු ජන පෙරමුණට අද මෙහි සිටින සියලු දෙනා එකතු වුණේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මතක් කර දුන්නේ මහජන සම්මන්ත්‍රණ සභාව අමතමින්.

මේ රටට, රටේ ජනතාවගේ ජීවිත වලට සතුරු බලවේග රටේ පාලනය අල්ලාගෙන මර්දනය තමන්ගේ අවිය කරගත් ආණ්ඩුවකට මුහුණ දීමේ කාර්යභාරයට තමන් ඇතුළු පිරිස එකතු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

බිහිකරගත් ආණ්ඩුවේ අවුල

එම ආණ්ඩුව පෙරළා බිහි කරගත් ආණ්ඩුවෙි ක්‍රියා කලාපය බලාපොරොත්තු වූ ගමන් මාර්ගය පිළිබඳ බරපතල ප්‍රශ්න ඇති කරන්නට වූ බව තමා නොකීවාට මේ සභාවේ සිටින සියල්ලන් ම දන්නා බවයි ඔහු අවධාරණය කරන්නේ.

අමාත්‍යවරයා ඒ බැව් සඳහන් කළේ "මහජන මන්ත්‍රණ සභාව - එල්.එන්.ජී බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම ?" මැයෙන්වූ අද (29) පැවැති රැස්වීමේ අරමුණ පැහැදිලි කරමින්.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ පොදුජන පෙරමුන සන්ධානයේ සන්ධානගත පක්ෂ 11 ක් විසින්.

අහඹු එකතුවක්

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සියල්ලන්ගේම හමුව කතිකාකරගත් පරිදි සිදු වූ දෙයක් නොව එකිනෙකා තමන් කරගත් ආණ්ඩුව ගැන තිබූ දුක මත ඒකරාශී වු බවයි.

ඉන්පසුව මෙතන සිටින සියලු අය එකතු වි මේ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂ 11 සන්ධානය නිර්මාණය වූ අයුරු මතක් කර දෙමින්.

තීරණය ගැනීමේ බලවේග

එදා තමන් ලැබූ ජයග්‍රහණයට ප්‍රතිවිරුද්ධ අභියෝග තමන් හමුවේ ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මේ ආණ්ඩුවේ තීරණ ගත හැකි බලවේග එවැනි තීරණ ගනිමින් සිටීම ඊට හේතුව බව සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් ඉතා ලෙන්ගතුව ආණ්ඩුවේ තීන්දු ගන්නා අයට සිය මතය ප්‍රකාශ කිරීමට උත්සාහ කළත් බව ඔහු අනාවරණය කරනවා.

ඒ කිසිවකට ඇහුම්කන් නොදී සිදු නොවිය විය යුතු දේ සිදුවෙමින් වෙමින් පවතින බවයි අමාත්‍යවරයා අනාවරණය කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Saturday, 30 October 2021 02:14