May 11, 2024

වතුර උණු වෙලා උතුරන වෙලාවක් එනවා: වාසු ගිවිසුම ගහපු අයට මතක් කරයි

September 30, 2021

ඇමරිකාවේ නිච් ෆොට්‍රස් බලශක්ති සමාගම සමග මුදල් අමාත්‍යංශය අත්සන් කළ ගිවිසුම ගැන රහස් රැසක් වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා එළිදරව් කරනවා.

තමා එම ගිවිසුම දැක්කේ නැති බවත් එනිසා එම ගිවිසුමේ අන්තර්ගතය මොකද්ද කියා දන්නෙ නැති බවයි ඔහු අනාවරණය කරන්නේ.

ගිවිසුම කැබිනට්ටුවට ආවේ නැහැ

ගිවිසුම ඉකුත් 17 වැනිදා අත්සන් කරන බව කැබිනට් මණ්ඩලය දැන සිටියත් එම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ආවේ නැති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඊට පෙර පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව කතා කලත් එය අවසන් වූයේ එකඟතාවයක් නැතිව බවයි නානයක්කාර මහතා හෙළිදරව් කරන්නේ.

තමන් ඇතුළු කැබිනට් මණ්ඩල ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඊට විරෝධය දැක්වුවද එය නොතකා එම ගිවිසුම ඇමරිකානු සමාගම සමඟ අත්සන් කළ බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විරෝධයේ ඇති ප්‍රයෝජනය

තමන් අදටත් එම ගිවිසුමට එකඟ නැති බව සඳහන් කරන අමාත්‍යවරයා සිය විරෝධය ආණ්ඩුව නොතකා කටයුතු කළාට ඉන් ප්‍රයෝජනයක් සිදුවන බවටද මතයක් පළ කරනවා.

ඒ හරහා ජනතාව දැනුවත් වී ජනමතයක් ගොඩ නැගෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එවැනි ජනමතයක් ඇති වුවහොත් මෙම ගිවිසුම ආණ්ඩුව වෙනස් කරනු ඇති බවයි අමාත්‍යවරයාගේ විශ්වාසය.

ඒක බොරු කතාවක්

තමාට මෙන්ම විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට එම ගිවිසුමට විරෝධය ආණ්ඩුව තුළින්ම ගොඩනඟා එහි වාසිය විපක්ෂයට යෑම වලක්වන ලෙසට ආණ්ඩුවෙන්ම උපදෙස් ලැබුණු බවට යන මතය වැරදි මතයක් බව නානයක්කාර මහතා සඳහන් කරනවා.

එක්තරා වෙලාවක වතුර උණු වෙලා උතුරන වේලාවකුත් එන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා මෙම මතභේදාත්මක අදහස් පළ කර තිබුණේ හිරු රූපවාහිනියේ වැඩ සටහනකට එක්වෙමින්.

Rate this item
(2 votes)
Last modified on Thursday, 30 September 2021 00:34