April 28, 2024

ඖෂධ මාෆියාව ජයටම වැඩ කරලා! ඖෂධ වලින් ගසා කෑ හැටි හෙළිවෙයි

September 21, 2021

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කොට තිබෙනවා.

ඒ පසුගිය කාලයේ අධික මිලට ලබාගෙන තිබූ ඖෂධ 35ක ලැයිස්තුවක් පාර්ලිමේන්තුවේදී සභාගත කරමිනි. 

ඔහු පැවසුවේ එසේ අධික මිලට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙන බවයි.

එම ඖෂධ මාෆියාවට තිත තැබීම මගින් රුපියල් මිලියන 128ක් ඉතිරිකර ගැනීමට රජයට හැකිවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

"හදිසි මිලදී ගැනීම්" යනුවෙන් සඳහන් කර සමහර ඖෂධ අධික මිල ගණන් යටතේ පසුගිය රජය යටතේ මිලදී ගෙන ඇති බවයි ඔහු අවධාරණය කළේ.

හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදයෙන් මිදී, සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ ඖෂධ මිලදී ගැනීමෙන් රුපියල් බිලියන 1.14ක් පමණ ඉතිරිකර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමත්වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

රාජ්‍ය ඇමතිවරයා සභාගත කළ ඖෂධ මිල ලේඛනය මෙසේය,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 00:00