March 29, 2024

ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ලොවටම ආදර්ශයක්

කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ වැඩපිළිවෙල ඉතාම සාර්ථක බවත් සංවිධානාත්මක එන්නත්කරනය මුළු ලොවටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සමග පැවති සාකච්ජාවේදී හෙතෙම මෙම අදහස් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එන්නත්කරණ වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට පෞද්ගලිකවම මැදිහත්වී දැක්වූ දායකත්වයත්, සෞඛ්‍ය-ආරක්ෂක අංශ සහයෝගයෙන් අභියෝගයට මුහුණ දීමත් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක වීමට හේතු වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රවල දියුණුවට අදාල කරුණු කිහිපයක්ද සාකච්ජාවට බදුන්වූ අතර අනෙක් රටවල එන්නත්කරනය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකානු අත්දැකීම් බෙදා ගන්නා ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයා ආරාධනය කළා.

Rate this item
(0 votes)