May 12, 2024

ඇමති වාසුට 80 වර්ජනය අමතක වේ - හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක් බව කියයි

September 06, 2021

හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක් බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නා.

එහෙත් අද විපක්ෂයේ පාර්ලිමේන්තුවේ කතා කළේ හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් තිබෙන එකක් හැටියට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ සම්මත වීම

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුත්තේ එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු යාන්ත්‍රණයේ කොටසක් නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ පාර්ලිමේන්තුව ඒ හදිසි නීතිය සම්මත නොකලොත් එය ක්‍රියාත්මක කිරීමට බැරි බවද නානායක්කාර මහතා අවධාරණය කරනවා.

ජේ ආර් මතක් කිරීම

එපමණක් නොව එය මාසෙන් මාසයටද සම්මත කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉතිහාසයේ ජේ.ආර්. ජයවර්ධන හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදය කොටසක් දැයි යන්න ප්‍රශ්න කළ අවස්ථාවකුත් මතක් කරමින්.

නානයක්කාර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හදිසි නීති රෙගුලාසි සම්මත කර කර ගැනීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

අසූවේ වැඩ වර්ජනය

සම්ප්‍රදායික වමේ දේශපාලනඥයෙකු වන නානයක්කාර මහතා 1980 වැඩ වර්ජනයට නායකත්වය දුන් වෘත්තීය සමිති නායකයෙකු වන අතර එම වැඩ වර්ජනය නිසා දහස් ගණනකට රැකියා අහිමි වුණා.

එවකට සිටි ජයවර්ධන ජනපතිවරයා එසේ දහස් ගණනකගේ රැකියා අහෝසි කළේ හදිසි නීතිය පාවිච්චි කරමින්.

Rate this item
(2 votes)
Last modified on Monday, 06 September 2021 15:51