May 21, 2024

එස්.බී දොස්තර වැඩේට බහියි: කොවිඩ් මාරාන්තික නැහැ - හෙම්බිරිස්සාවක් වගේ

කලක් රටේ ප්‍රබල ඇමති ධුර දැරූ එස්.බී.දිසානායක මහතා අද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පමණයි.

මේ නිසා කාල වේලාව තියෙන නිසාදෝ දිසානායක මහතා දොස්තර වැඩේටත් බැහැලා.

දිසානායක මහතා කොහොමත් ආන්දෝලනාත්මක කතා කියන්න දක්ෂයෙක්.

දොස්තර චරිතයට ඇදීම

එහිදී මාරාන්තික කොවිඩ් රෝගය පිළිබඳව දිසානායක මහතා රෝග විනිශ්චය දොස්තරවරයකු මෙන්ම මනෝ චිකිත්සක දොස්තරවරයකු ලෙසද කටයුතු කරමින් ජනතාව වෙත උපදෙස් රැසක් ලබා දී තිබෙනවා.

ඒ මාධ්‍ය හමුවක් තබමින්.

කොවිඩ් යනු මාරාන්තික රෝගයක් නොව පොඩි හෙම්බිරිස්සාවක් වගේ දෙයක් බවයි දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

මන්ත්‍රීවරයාගේ සංඛ්‍යා ලේඛන

කොවිඩ් රෝගය වැළඳෙන අයගෙන් 81% කට ඔවුන්ගේ ඇඟට පතට නොදැනීම රෝගය සුව වී නිවෙස් වෙත යන බවයි දිසානායක මහතාගේ සොයා ගැනීම වන්නේ.

තවත් 14% කට පොඩි හෙම්බිරිස්සාවක් වගෙ හැදිලා උන අරගෙන සුව වන බවද දිසානායක මහතා සොයාගෙන තිබෙනවා.

රෝගී තත්ත්වයෙන් මිය යන්නේ 1.9% ක් පමණ සුළු පිරිසක් බවයි දිසානායක මහතාගේ නිරික්ෂණය වන්නේ.

මරණ බිය ගැන අදහස

කොවිඩ් රෝගයේ මානසික පැත්ත පිළිබඳවද විග්‍රහයක් කරන දිසානායක මහතා කොරෝනා පිළිබඳ මරණ බියක් ජනතාව තුළ ඇති නොකළ යුතු බවයි සඳහන් කරන්නේ.

මරණ බය මරණයට හේතුවක් වන බවයි දිසානායක මහතාගේ මතය වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 19:12