April 20, 2024

සී බී - එස් බී අවුලටත් තිත: ජනපති දෙකම බැලන්ස් කරයි

සී.බී.රත්නායක අමාත්‍යවරයාද පසුගිය කාලයේ සිටියේ දැඩි කළකිරීමකින්.

ඒ වනජීවි කැබිනට් අමාත්‍ය ධූරය ඔහුට පවරා තිබුණත් එම අමාත්‍යාංශ විෂයට අයත් බලතල රැසක් විමලවීර දිසානායක රාජ්‍ය ඇමැතිවරයාට පවරා තිබීම නිසා.

වනජීවි අවුල

මේ නිසා තමන්ට පැවරී ඇත්තේ නමට පමණක් කැබිනට් ඇමති ධූරයක් බවට බොහෝ අවස්ථාවල රත්නායක මහතා විසින් ප්‍රකාශ කළ කරුණක්.

ඒ නිසා තමන්ට වෙනත් අමාත්‍ය ධුරයක් ලබා දෙන ලෙස රත්නායක මහතා ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බව ප්‍රසිද්ධ රහසක්.

විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් ඇමතිවරයා ලෙස තමන් කරන කැඳවීමකටවත් පැමිණෙන්නෙ නැති බවට චෝදනාවක්ද මීට සති දෙක තුනකට පෙර කැබිනට් මණ්ඩලයේදී සී.බී. රත්නායක මහතා කළා.

සී.බී.රත්නායක ඇමතිවරයාගේ මෙම කලකිරීම දෙගුණ තෙගුණ මුහුණේ ඉකුත් 3දා එස්.බී. දිසානායක මහතාට කර්මාන්ත කැබිනට් අමාත්‍යධූරය ලබාදීමත් සමග.

කලකිරීම උග්‍ර වීම

ඒ දෙදෙනාම නියෝජනය කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය වන අතර දෙදෙනා අතර කලක පටන්ම මනාප ප්‍රශ්නද තිබූ නිසා.

මේ කලකිරීම මත රත්නායක මහතා සිය අමාත්‍යාංශයේ බඩු මුට්ටු කළ බවට රාවයක් පැතිර ගියා.

එහෙත් දැන් රත්නායක මහතාගේ එම කලකිරීම තත්ත්වය පහව ගොස් තිබෙන්නේ විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සතුව තිබූ සියලු බලතල සහ ආයතන ඔහුට පැවරීම නිසා.

එපමණක් නොව විමලවීර දිසානායක මහතාව වනජීවී විෂයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳව හා සිය අමාත්‍යාංශයට රාජ්‍ය අමාත්‍යවරයෙකු නොමැති වීම සම්බන්ධයෙන් රත්නායක මහතා පසු වන්නේ සතුටකින් බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය බොරුව

නව බලතල ලැබීමත් සමග රත්නායක මහතා සිය මුහුණු පොතේ වීඩියෝවක්ද පළකර තිබෙනවා.

එහි ඔහු සඳහන් කර තිබෙන්නේ අමාත්‍යාංශ බඩු මුට්ටු අස්කරගැනීම සමාජ මාධ්‍ය තැනූ බොරු කතාවක් බවත් , තමාට ඉතා හිතවත් මන්ත්‍රීවරයකු වන එස්.බී. දිසානායක මහතාට කැබිනට් ඇමති ධූරයක් ලැබීම මත නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ වන විට කැබිනට් ඇමති ධුර දෙකක් හිමිව තිබෙන බවයි.

ඒ තුළින් නුවරඑළිය දිස්ත්‍රික්කයට විශාල සේවයක් කළ හැකි බවත් ඔහුගේ මුහුණු පොත වීඩියෝවේ සඳහන් වනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 05 March 2022 09:55