April 25, 2024

පඩි කපන කාලය එයි - ස්නානය කිරීමටත් වේලාවක් වෙන් කරයි

December 26, 2021

ආර්ථික විවරණයක්

උද්ධමනය සහ බඩුමිල ඉහළ යාම ශ්‍රී ලංකාවට පමණක් බලපෑ ගැටළුවක් නොවන බවත්, එය ලෝකයටම බලපා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්.

ලොව දියුණු රටවල් පවා මේවන විට ආර්ථික අර්බුධයට ලක්ව ඇති බව යි ඔහු සඳහන් කරන්නේ.

එදා වේල හොයාගෙන කන ඔස්ට්‍රේලියාව

ලෝක වාසීන්ගෙන් තුනෙන් දෙකකට මෙම ගැටළුව බලපා ඇතැයි ලෝක ආර්ථික සංසදය ද ප්‍රකාශ කොට ඇති බව දිසානායක මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාවේ ජනතාවගෙන් බහුතරය මේවන විට එදා වේල සොයාගෙන කන තත්ත්වයට පත්ව ඇති බව යි.

ලබන වසරේ දී ආහාර හිඟයක් හට ගැනීම සත්‍යය වුවත් එය ද මෙරටට පමණක් නොව මුලු ලොවටම බලපාන සිදුවීමක් වනු ඇති බව යි ඔහු අවධාරණය කරන්නේ.

පඩි කපන වේලාව

මෙවන් පසුබිමක් මත කිසිදු පාර්ශවයක් ඉදිරිපත් කරන පඩි වැඩිකරන්නැයි ආදී වූ ඉල්ලීම්වලට ඉඩ ලබා නොදෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළා.

මෙය පඩි වැඩි කරන වේලාවක් නොව පඩි අඩු කරන වේලාවක් බව යි ඔහු අවධාරණය කළේ.

පඩි වැඩි කරන්නැයි ආදී වූ ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ නම් එය නීති විරෝධී බව ද ඔහු පවසනවා.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද එස්.බී. දිසානායක මහතා අදහස් පළ කළා.

ඔහු පවසන්නේ ඉන්ධනවල මිල මෙරට ජනතාව හට දැනෙන්නට ඉඩ නොදුන්නොත් ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යනු ඇති බව යි.

“පෙට්‍රල්, ඩීසල්වල මිල මිනිස්සුන්ට දැනෙන්න ඇරියෙ නැත්තම් මිනිස්සු පුරුදු විදිහට ඔහේ ගමන් බිමන් යනවා. එහෙම නෙවෙයි. අර්බුධයක් වෙලා තියෙන නිසා හැමදෙයක්ම ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ”

එපමණක් නොව ජලය සහ විදුළිය ද මිල වැඩි කිරීමකට භාජනය කළ යුතු බවට එස්.බී. දිසානායක මහතා ඉඟි පළ කළා.

ස්නාන කලාව

“මම කවදාවත් කිසිම දවසක කිසිම භාණ්ඩයකට සහනාධාර දෙනවට එකඟ නෑ. අපි වතුර ලාබෙට දෙනවා. වතුරවලට යන වියදමට වඩා අපි ලාබෙට වතුර දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මොකද කරන්නේ? රැවුල කපනකොට ටැප් එක ඇරගෙන රැවුල කපනවා. නානකොට විනාඩි 05න් නාලා ඉවර කරන්න පුළුවන් එක විනාඩි 20ක් විතර ඔළුව අල්ලගෙන ඉන්නවා. එහෙම නෙවෙයි. වතුරවලට යන වියදම අපි හරියට මිනිස්සුන්ගෙන් අයකරනවා නම් මිනිස්සු ප්‍රවේසම් වෙයි. මිනිස්සු වතුර නාස්ති කිරීම අඩු කරයි.

විදුලිය.. අපි ඔහේ ලයිට් දාලා තියෙනවා. විදුලිය අපි සහනාධාර විදිහට දෙන්නේ. විදුලියට යන වියදම මිනිස්සුන්ගෙන් අපි අය කරනවා නම් මිනිස්සුන්ගෙන් විදුලිය ප්‍රවේසම් වෙයි. අයන් එක ප්‍රවේසමෙන් පාවිච්චි කරයි. කුකර්ස් වෙනම ප්‍රවේසමෙන් පාවිච්චි කරයි. අපි ඒකට පුරුදු වෙන්න ඕන”

Rate this item
(2 votes)
Last modified on Sunday, 26 December 2021 09:58