April 25, 2024

අවුරුදු දෙක ආණ්ඩුව ෆේල් : එස් බී ත් පිළිගනී - හේතුත් කියයි

December 29, 2021

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ වසර දෙක ෆේල් බව ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා විවෘතවම ප්‍රකාශ කරනවා.

ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ඔහු සඳහන් කරන්නේ ගෙවුන වසර දෙක අසමත් වූයේ වැඩකිරීමෙන් නොවන බවයි.

ආණ්ඩුවේ අපොහොසත් බව

ගෙවුන වසර දෙක තුළ හොඳ වැඩ කටයුතු කලත් ඒවා ජනතාවට පැහැදිලි කිරීමට ආණ්ඩුව අසමත් වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

දෙවැනි කාරණය ලෙස ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි අඳුරු , අර්බුද යුගයකදී රට කළමනාකරණය කර ගැනීමේ නොහැකියාවක් ආණ්ඩුව පෙන්නුම් කිරීමයි.

දැඩි ස්ථාවරයන්

මෙවැනි යුගයක ලොව අන් රටවල් දැඩි ස්ථාවර වල සිටිය බවයි මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

ඇමරිකාවේ හා බ්‍රිතාන්‍ය අදටත් රාජ්‍ය සේවකයෝ කොටස් කොටස් වශයෙන් සේවයට කැඳවන අතර ගෙදර සිටින අයට ගෙවන්නේ වැටුපෙන් 40%ක් බවයි ඊට උදාහරණයක් ලෙස දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

එසේ ගෙව්වා කියා කිසිවකුත් පාරට බැස්සේ නැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පුද්ගලික රූපවාහිනි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 28 December 2021 21:00