March 28, 2024

එස්.බී ගෙන් පුදුම යෝජනාවක්: ජාත්‍යන්තර පාසල් දරුවන්ට රජයේ ඉල්ලන ඕනම පාසලක් දෙන්න - හේතුවත් කියයි

December 01, 2021

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ආණ්ඩුවට අපූරු යෝජනාවක් කළා.

ඔහු එම යෝජනාව කළේ අධ්‍යාපන අමාත්‍යාංශ කාරක සභා වැය ශීර්ෂ විවාදයට එකතුවෙමින්.

ජාත්‍යන්තර පාසැල්

දිසානායක මහතාගේ යෝජනා වන්නේ ජාත්‍යන්තර පාසල්වල සිටින දරුවන්ට රජයේ පාසල් ලබා දෙන ලෙසටයි.

ඒ සඳහා ඔවුන් ඉල්ලන ඕනෑම ජනප්‍රිය පාසලක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා සභාවේ සිටි විෂයභාර අමාත්‍යවරයා වන අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අමතා ඉල්ලීමක් කලා.

එම ඉල්ලීම කිරීමට හේතුවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ශක්තිමත්ම දෙමව්පියන්

ඒ ජාත්‍යන්තර පාසල් වලට යන දෙමව්පියන් මෙරට පාසල් යන දරුවන්ගේ දෙමාපියන් අතර සිටින ශක්තිමත්ම දෙමවුපියන් බැවින් ඔවුන්ගේ උපකාර මත රජයේ පාසල් තවත් වැඩි දියුණු කිරීමට හැකි බවයි.

ඒ අනුව අවම තරමින් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන එවන් ආර්ථික ශක්තියක් ඇති දෙමාපියන්ගේ දරුවන් ලක්ෂයක්වත් රජයේ ජාතික පාසල් වලට ගන්නා ලෙසට මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.

දරුවකුගේ වියදම

ජාත්‍යන්තර පාසැල් වල ඉගෙනුම ලබන දරුවකුගේ දෛනික වියදම රු.6000ක් පමණ වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එම දරුවන් පාසල් වේලාවෙන් පසු සවසට පුද්ගලිකව ලබන අධ්‍යාපනයට යන වියදමේ ගණන් හිලව් ද සඳහන් කරමින්.

එම දරුවන් රජයේ පාසල් වලට ගෙන එම දරුවන්ගේ දෙමාපියන්ට එම පාසල් වලට උදව් කරන ලෙස ඉල්ලීමක් කළොත් ඔවුන් කැමැත්තෙන් උදව් කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම දෙමාපියන් දැනට ජාත්‍යන්තර පාසල් සඳහා මසකට රු.20000 - 25000ක් වියදම් කරන බවත් සඳහන් කරන මන්ත්‍රීවරයා තමන්ගේ දරුවන්ට රජයේ පාසල් ලබා දෙනවා නම් ඒ අය මසකට රු.10000 වත් දෙනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 12:30