May 17, 2024

දිවයිනට උතුරින් මුහුදේ ප්‍රබල භූ චලනයක්

බෙංගාල බොක්කේ භූ චලනයක් සිදුව තිබෙනවා.

මෙම භූ චලනය මැග්නිට්‍යුඩ් 5.1ක ප්‍රබලත්වයකින් යුතු බව යි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට උතුරු දිග මුහුදේ මෙය සිදුව ඇති අතර එහි අපිකේන්ද්‍රය යාපනය නගරයට කිලෝමීටර 610ක් පමණ දුරින් පිහිටි බව පැවසෙනවා.

එමෙන්ම මෙය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් මෙතෙක් සිදු කොට නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 24 August 2021 16:18