පසුගිය කාලය පුරාවටම වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් සුළු භූ චලන සිදුවීම් වාර්තා සිදුවුණා.
මේ භූ චලන සිදුවීම් පිළිබඳව පසුව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යංශය විසින් ඒ පිළිබඳව ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පවසා තිබුණා.
එහිදී අනාවරණය කරගෙන තිබුණේ වික්ටෝරියා ජලාශය පිහිටි ප්‍රදේශයේ පෘථිවිය යටින් තිබෙන හුණුගල් ස්ථරයක සිදුව බිඳ වැටීම් හේතුවෙන් මෙම භූකම්පන තත්ත්වයන් ඇතිවන බවයි.
එමෙන්ම ඔවුන් අවධාරණය කර තිබෙන්නේ හුණුගල් තට්ටු ආශ්‍රිතව සිදුකරනු ලබන පිපිරවීම් හේතුවෙන්ද පෘථිවිය අභ්‍යන්තරයේ ඇති හුණුගල් ස්ථර බිඳී යෑම සිදුවිය හැකි බවටයි.
මෙම වාර්තාව නිකුත් කිරීමත් සමඟ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් තීරණය කර තිබෙන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි වික්ටෝරියා වේල්ල පිටාර මට්ටමෙන් මීටර් 100ක ප්‍රදේශය තුළ පිහිටා තිබු සියලු හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කිරීමටයි.
පරිසර අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100ක ප්‍රදේශයක් තුළ පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන 03ක් හා සුළු කැනීම් කරන ස්ථානයන් කිහිපයක බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කළ බවයි.