April 20, 2024

ලංකාව ආසන්නයේ සිදුවෙන මහා භූමි කම්පාවක් ගැන අනතුරු ඇඟවීමක්

September 14, 2021

ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව ආශ්‍රිතව පිහිටි ඉන්දු - ඕස්ට්‍රේලියානු භූ තලයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් පවතින බවට භූ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබෙනවා.

මෙම භූතලයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවුණත් ලංකාව ආසන්නයේ පිහිටි මෙම භූ තලයේ ඉතාමත් විශාල භූමි කම්පාවක් සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ. 

ඉන්දු ඔස්ට්‍රේලියා භූ තලය මැදින් වෙන්වන ලක්ෂණ කාලයක් තිස්සේ පෙන්නුම් කරන බවත්,එය සෙමින් සෙමින් සිදුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා සිටිනවා.

ලංකාවේ සිදුවන භූ කම්පන පිළිබඳ දත්ත ලබා ගැනීමට ඇත්තේ උපකරණ හතරක් පමණක් බවත්, වර්ග කිලෝමීටර් හැට පන්දහසක් සඳහා මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද මහාචාර්යවරයා අවධාරණය කර සිටි  අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව අදාළ අංශවල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි අවධානයක් යොමුකර නොමැති බවයි.

ලංකාව ආශ්‍රිත භූමි කලාපයේ සිදුවිය හැකි භූමි කම්පාව ඇතිවන කාලය සහ විශාලත්වය පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට නම් අඩුම තරමේ උපකරණ පද්ධතියක් සවිකළ යුතු බවත්, රජයක් ලෙස එය ස්ථාපිත කිරීමට පියවර ගතයුතු බවත් මහාචාර්ය අතුල සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 September 2021 14:28