May 12, 2024

වාසුගේ සරදියෙල් න්‍යාය - තියෙන අයගෙන් භාගයක් ගන්න ඕන

පවතින දරුණූ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුහුණ දී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා දේශපාලඥයෝ විවිධ යෝජනා කරනවා.

ඒ අතර සාම්ප්‍රදායික වමේ දේශපාලනඥයෙකු යැයි කියාගන්නා වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාද සිටිනවා.

වාසුගේ අමුතුම යෝජනාව

ඔහු ගෙන එන්නේ අන් අයට වඩා වෙනස් යෝජනාවක්.

මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ පමණක් නොව මේ රටේ හැමෝම මේ සඳහා දායකවී යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.

රටේ සල්ලි තිබෙන අය තමන් සතු මුදලින් බාගයක් හෝ තමන් සතු ධනයෙන් බාගයක් දිය යුතු බවටයි නානයක්කාර අමාත්‍යවරයා යෝජනා කරන්නේ.

රට වසා දමන්න ඉල්ලූ කෙනෙක්

රටේ ආර්ථික තත්ත්වය තවත් දරුණු අතට පත් කරමින් මේ වන විට රට වසා දමා තිබෙනවා.

එසේ රට වසා දමන ලෙස පොදුජන පෙරමුණ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන අතර නානයක්කාර අමාත්‍යවරයාද එම ලිපියට අත්සන් තැබූ එක් අයෙක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 August 2021 17:21