May 17, 2024

කාන්තා ඝාතන රැල්ලෙන් පසු තවත් අබිරහසකින් කහවත්ත කැළඹෙයි (VIDEO)

කහවත්ත ප්‍රදේශය පිළිබඳ එක් කලක දී අත්භූත මෙන්ම අවාසනාවන්ත පුවත් වාර්තා වූයේ රටම කැළඹීමට පත් කරමින්.

අබිරහස් ලෙස වාර්තා වූ කාන්තා ඝාතන රැල්ල ඉන් ප්‍රධානයි.

කහවත්ත පිළිබඳ වූ අපරාධ උණුසුම කාලයත් සමග මැකී යද්දී එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් තවත් අත්භූතජනක අත්දැකීමක් පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

ඔවුන් පවසන්නේ එකවරම තමන්ට විශාල ශබ්දයක් ඇසුණු බව යි.

එම ශබ්දයත් සමග පොළව සෙළවී යන බවක් ද දැනුණු බව ඔවුන් පවසනවා.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළේ මෙම හඬ මහා පිපිරීම් ශබ්දයකට සමාන බව යි.

“බෝම්බයක් පිපිරුවා වගේ. මේ දැන් කියනකොටත් ඇඟ හිරිවැටෙනවා. දැන් තමයි බය හිතෙන්නේ. සද්දෙ ආවෙ එක පාරට. හැමතැනටම එහෙම තමයි. සමහර තැනවල නම් දොරවල් එහෙම හෙල්ලිලා. මේ හැමතැනටම ඇහිලා”

ශබ්දය ඇසුණු කාන්තාවක් අප සමග එලෙස අදහස් පළ කළා.

සිද්ධිය විස්තර කළ තරුණයෙකු පැවසූවේ මෙවැන්නක්.

“මං ඊයෙ කඩේට ගිහින් ආවා. බයික් එකෙන් බැස්සා විතරයි. එක පාරට සද්දයක් ආවා ‘දිඩිං’ ගාලා. ගෙදර වහලෙන් වැලි වගේ වැටුණා. කකුල් දෙකට දැණුනා ‘වයබ්‍රේට්’ එක වගේ. කොහෙන්, කින්ද මන්ද මොකුත් දන්නෑ”

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 August 2021 11:52