May 17, 2024

ලංකාවට එපිට සාගරයේ ප්‍රබල භූ චලන 4ක් - අවධානයෙන් ඉන්නැයි නිවේදනයක්

ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ චලන මාලාවක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වන්නට පිහිටි නිකොබාර් දූපත් ආසන්න මුහුදේ මෙම භූචලන සිදුව ඇති බව සඳහන්.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ මෙහි දී ප්‍රබල භූ චලන 04ක් සිදුව ඇති බව යි.

පළමු භූ චලනය අද අළුයම 6.27ට පමණ සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය ඒකක 4.6ක් පමණවන බව සඳහන්.

පසුව අද උදෑසන 9.12ට පමණ තවත් චලන තුනක් වාර්තා වී ඇති අතර ඒවායේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ ඒකක 5.3ක්, 5.8ක් සහ 6.5ක් ලෙසට යි.

මේ අතර ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මෙරට වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙත යි මෙම නිවේදනය නිකුත් කොට ඇත්තේ.

එහි සටහන්ව ඇත්තේ ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට යි.

අදාළ නිවේදනය පහතින්..

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 03 August 2021 12:54