May 02, 2024

2020 සාමන්‍ය පෙළ ‘සෞන්දර්ය’ විෂයන් කළ සිසුන්ට නිවේදනයක්!

2020 වසරේ දී පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළව පවත්වනු ලබන ප්‍රායෝගික පරික්ෂණ අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම ප්‍රයෝගික පරික්ෂණය සඳහා පෙනී සිටින සිසුන්ට පෙර පුහුණුවීම් කරවීම සම්බන්ධයෙන් පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙන අතර පෙර පුහුණුවීම් කටයුතු ජූලි මස 26 වැනිදා සිට මාසයක කාලයක් තුළ සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවසා තිබෙනවා.

පුහුණු වීම් කටයුතු සඳහා අවශ්‍ය කරනු ලබන කාල සටහන් සහ සැලැසුම් සකස් කර තිබෙන බවත් සඳහන්.

ප්‍රයෝගික පරික්ෂණ සඳහා අවශ්‍ය පුහුණු කිරීම්වලට අවශ්‍ය වන අවසරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් අධ්‍යාපන අමාත්‍යංශය ලබාගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව යමින් එම පුහුණු වීම් කටයුතු සිදුකරන ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 03:37