May 02, 2024

පාසල් විවෘත වෙන දිනය ගැන අධ්‍යාපන ඇමති කියයි

මෙරට පාසල් ගුරවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා ඊයේ (12) දිනයේ දී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරුණේ විෂය භාර අමාත්‍ය ජී.එල් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන්.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ වසරක් අධ්‍යාපනය අතපසු වුවහොත් එයින් සිදුවන පාඩුව කිසිම දිනක පියවා ගත නොහැකි බවයි. එමෙන්ම පාසල් දිගින් දිගටම වසා දමාගෙන සිටිය නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මුළු රටම විවෘත කිරීමේ කොටසක්  ලෙස මෙරට පාසල් විවෘත කිරීමට කටයුතු කරන බවත් එය පියවරෙන් පියවර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සිදු කිරීමට කටයුතු කරන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

මෙහිදී පාසල් විවෘත කරන දිනය පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කර සිටි අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ ගුරුවරුන් සියලු දෙනාටම එන්නත් ලබාදුන් පසුව පළමු පියවර ලෙස පාසල් ලබන අගෝස්තු මාසයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

Rate this item
(0 votes)