March 29, 2024

අමාත්‍ය මණ්ඩල අනුකමිටු ත්‍රිත්වය රැස්වෙයි

ඉදිරි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටු ත්‍රිත්වය පළමු වරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වී තිබෙනවා.

මෙරටට ආනයනය කරන, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර, අමුද්‍රව්‍ය සහ කාර්මික භාණ්ඩ සඳහා විකල්ප හඳුනා ගැනීමේ අරමුණිනුයි මෙම කමිටුව පත්කර ඇත්තේ.

අදාළ අනු කමිටු රැස්වීමේදී ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගැනීම සඳහා මෙරට හවුල්කාර රටවලින් ඉල්ලුම් කළ හැකි හදිසි අවශ්‍යතා පිළිබඳ ලැයිස්තුවක් සියලුම අමාත්‍යාංශ සහ ආයතනවලින් ලබා ගන්නා ලෙස අනුකමිටු විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අදානි සමාගමෙන් ලැබෙන ඩොලර් මිලියන 500ක ආයෝජනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය හිමි වූ බව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් කඩිනම් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)