April 25, 2024

ඇමැති ජී.එල් අද ජිනීවා සමුළුව අමතයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ඊයේ (28) ආරම්භ වුණා.

මෙවර සැසි වාරය සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ ප්‍රගතිය දැක්වෙන ලිඛිත වාර්තාවක් ද ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එම ලිඛිත දේශනය සහ විවාදය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ජිනීවා සමුළුව සඳහා සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා අද පස්වරුවේ සමුළුව ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට පමණ අමාත්‍යවරයා සමුළුව ඇමතීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

මේ අතර බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් පිලිබඳ අමාත්‍ය තාරික් අහමඩ් මහතා සහ විදේශ අමාත්‍ය ජි.එල්.පිරිස් මහතා ඇතුළු ශ්‍රී ලංකික දුත පිරිස් සමඟ විශේෂ සාකච්ජාවක් ද ඊයේ ජිනීවා නුවරදී පැවැත්වුණා.

එහිදී මෙරට සංහිදියා යාන්ත්‍රනය සවිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුත පිරිස සමඟ අදහස් හුවමාරු කර ගත් බවයි ඔහු ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර තිබුණේ.

 

Rate this item
(0 votes)